ඥානසාර හිමිට ජනපති සමාව දීමේ තීරණය අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිටියදී ජනාධිපතිවරයා විසින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තොම්බර් මස 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින ලබා දුන්නා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වගඋත්තරකාර පාර්ශ්වයන්ගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පවසා සිටියා.

මෙම පෙත්සම ගොනුකරමින් පෙත්සම්කාරිය පවසා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට සමාව ලබා දීමෙන් අධිකරණයේ ගරුත්වයට බලපෑමක් වී ඇති බවත් එය පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන ලෙසට සැලකිය යුතු බව සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බවයි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ හැසිරුණු ආකාරය අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් බවට තීන්දු කළ අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට වසර හයක සිර දඩුවම් නියම කරුණු ලැබුවා . එම දඩුවම පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරන ලදී. කෙසේවෙතත් පසුගිය මැයි 23 වැනිදා ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විශේෂ සමව ප්‍රදානය කරන ලදී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *