ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට වැස්ස හරස්වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිව අත්හිටුවා තිබේ.

ඒ අනුව අද(10) දින එම තරගය යළි ආරම්භ වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනු නවසීලනත් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටි රොස් ටේලර් ලකුණු 67ක් සහ ටොම් ලැතම් ලකුණු 03ක් ලබා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *