පාකිස්තානයේ තරබාරුතම මිනිසා මිය ගියේ කාගේ වරදින්ද?

පාකිස්තානයේ ජීවත් වූ වඩාත් තරබාරුම මිනිසා ලාහෝර් රෝහලකදී මියගොස් තිබේ.

ඔහුගේ මරණයේ වගකීම රෝහල බාරගතයුතු බව පවසමින් ඥාතීන් වඩාත් කලහකාරී ලෙස හැසිරී ඇතැයි විදෙස් වාර්තාවල සදහන්.

නූර් හසන් මියයන විට කිලෝ 330ක බරින් යුතු වූ අතර ඔහු මියගොස් ඇත්තේ ලාහෝර් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරයි.

හසන් පසුගිය මාසයේදී සිරුරේ මේදය ඉවත්කිරීමේ සැත්කමක් සදහා මුහුණදුන්නේය.

එම සැත්කම සාර්ථක වූ නමුත් තවදුරටත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රැදී සිටිමින් ප්‍රතිකාර ලබාගැනීමට ඔහුට සිදුවිය.

වෙනත් රෝගියකු සඳහා හදිසි සැත්කමක් සිදුකිරීමට වෛද්‍යවරුන් සහ හෙදියන් කාර්යබහුලව සිටියදී හසන් දැඩි සේ රෝගාතුර වී ඇති නමුත් ඔහු පිළිබද අවධානය යොමු නොවීමෙන් මෙසේ ඔහු මියගිය බවට වාර්තා වේ.

මරණයෙන් කම්පාවට පත් ඥාතින් රෝහලේ උපකරණ රැසකටද හානි කර ඇති බව රෝහල් බලධාරීන් සදහන් කළේය.

කෙසේ නමුත් රෝගියා මියයාම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *