සිංහයින්ට ගිලිහී ගිය ලෝක කුසලානය-අවසන් පූර්ව වටයේ තරග අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර මැන්චෙස්ටර්හිදී පැවැත් වෙයි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගය ඳහා සුදුසුකම් ලබයි.

දෙවන අවසන් පූර්ව තරගය ඔස්ටේලියාව සහ එංගලන්තය අතර ලබන 11 වැනිදා බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන කිකට් තරගාවලියේ අවසන් තරගය මෙම තරගවලින් ජයගන්නා කණ්ඩායම් අතර එළඹෙන 14 වැනිදා ලෝඩ්ස් කීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

එංගලන්තයේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(08) යළි දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර දැක්වූ දක්ෂතා වලට සාපේක්ෂව ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා පිළිබඳ සතුටු විය හැකි බව ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසුවද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග පැවසුවේ දක්ෂතා නොදැක්වීම නිසා ශ්‍රි ලංකා කණ්ඩායම අසාර්ථක වූ බවයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යන විට ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල 9 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නිමා කළේ සහභාගි වූ කණ්ඩායම් 10 අතරින් 6 වන ස්ථානයට පත්වෙමින්.

එහිදී තරග 9කට සහභාගි වූ ශ්‍රි ලංකා කණ්ඩායම තරග 3ක් ජයගෙන තරග 4ක් පරාජයට පත්වු අතර ඉතිරි තරග දෙක වර්ෂාව හේතුවෙන් අතහැරදැමුණා.

තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ උදෑසන නැවත දිවයිනට පැමිණියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *