සහල් පොල් සහ එළවළු මිල පහලට

එළවළු මිල ගණන් වාර්තා ගත ලෙස පහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය තවත් මාස කිහිපයක් පවතිනු ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පවසන්නේ.

මීට බලපෑ හේතුව කුමක්දැයි එම ආයතනයේ අලෙවි, ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද පි‍්‍රයදර්ශනගෙන් මාධ්‍ය විමසීමක් කළා.

එහිදී කියා සිටියේ “සෑම වසරකම මැයි ජුනි ජූලි මාසවල සාමාන්‍ය මිල මට්ටම්වල ඉහළ යෑමක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මෙම වසරේ මෙම මාසවල සැලකියයුතු ලෙස මිල මට්ටම් පහළ යෑමක් දක්නට ලැබෙනවා. මේකට ප්‍රධානතම හේතුව ලැබුනු වර්ෂාපතනය එළවලු වගාවට ඉතාමත් හොඳ පරිසරයක් ඇති කිරීම. මේ නිසා උඩරට සහ පහත රට කියන සියලුම එළවලු වර්ගවල මිල පහල මට්ටමක පවතිනවා. දැනට මේ පවතින තත්ත්වය ඉදිරි මාස දෙක තුනම පවතියි.” යනුවෙනි.

එළවළු මෙන්ම සහල් සහ පොල් මිලද පහළ ගොස් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මෙම මාසයේ 20 වැනිදායින් පසු යල කන්නයේ අස්වැන්න ඉහළ මට්ටමින් වෙළඳපලට ලැබීම හේතුවෙන් මෙම මිල පහළ යාම තවදුරටත් අපේක්ෂා කරන බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය විශ්වාසය පළ කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *