අමෙරිකාවේ නියෝජිතයින් යාපනේ ඉඩම් බලපු එක රුවන් තාම දන්නේ නෑ

විදේශිකයන්ගේ සිතැඟි පරිදි මෙරට ඉඩම් හිමි කර ගැනීමට නොහැකි බව ආරක්ෂක. රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඊයේ(07) පැවති වැඩසටහනතින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ අමෙරිකානු නියෝජිතයන් පිරිසක් යාපනයේ ඉඩම් නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් තමන් මේ වන තෙක් දැනුවත් වී නොමැති බවයි.

කෙසේ නමුත් පුද්ගලයින් කිහිප දෙනෙක් යාපනය ප්‍රදේශයට ගොස් ඇති බවට ආරංචි වී ඇති බව ද ඔහු පවසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට සොයා බලා තමා දැනුවත් කරන ලෙස ඉල්ලා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් වී ඇති බව ද සඳහන් කළ රුවන් විජේවර්ධන මහතා, යම් නීතියක් ඇති බවත් විදේශිකයින්ට අවශ්‍ය පරිදි මෙරට ඉඩම් ලබා ගත නොහැකි බවත් ඊයේ පැවති ආරක්ෂක කමිටුවේ මේ පිළිබඳ සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.

Sharing is caring!

One comment on “අමෙරිකාවේ නියෝජිතයින් යාපනේ ඉඩම් බලපු එක රුවන් තාම දන්නේ නෑ

  1. අපේ රටේ ලොකුම ගොං මී නාම්බ ට පත්තරේ නැතනම් FB බලන කම් මොකුත් දැනගන්න විදියක් නැතනම් අනික් හරකුන් ගැන කුමන කතා ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *