කොලී තවමත් පෙරමුණේ

නවතම අයි.සී.සී.එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී සමත්ව තිබේ.

ඒ ප්‍රසාද ලකුණු 891ක් ලබාගනිමින්.

ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ රැදි සිටින ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී දැක්වු විශිෂ්ට දස්කම් හේතුවෙන් ප්‍රසාද ලකුණු 51ක් හිමිකරගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් තෙවන ස්ථානය දක්වා පැමිණ ඇති අතර ඔහුගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 827ක් වේ.

නවසීලන්ත නායක කේන් විලියම්සන් ද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව හොඳම පිතිකරුවන් දස දෙනා අතරට පැමිණිමට සමත්ව ඇත්තේ එම ලැයිස්තුවේ 8 වන ස්ථානයට පත්වෙමින්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *