ටොනෙඩෝවකින් චීනයේ ජීවිත 6ක් බිලි ගනී

චීනයේ ඊසානදිග ප්‍රදේශයේ හටගත් ටොනෙඩෝවකින් පුද්ගලයන් හය දෙනෙක් මියගොස් තිබේ.

ඉන් දෙසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

චීනයේ ඊසානදිගින් පිහිටි ලියාඔනින් පළාතේ හටගත් ටොනෙඩෝව මෙලෙස වීඩියෝගත කර තිබුණි.

ටොනෙඩෝව විනාඩි 15ක පමණ කාලයක් බලපවත්වා තිබේ.

ඒ සමග තද වැසිද ඇඳහැලී ඇතිබව සඳහන්.

ටොනොඩෝවෙන් නිවාස තුන්දහස් හයසීයකට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇත.

ඉන් රථවාහන ඇතුළු දේපළ රැසකටද හානි සිදුව තිබුණි.

අයහපත් කාලගුණයෙන් විපතට පත් පුද්ගලයන් ගණන ලක්ෂ 50කට අධිකයි.

ටොනෙඩෝවත් සමග ප්‍රදේශයේ විදුලි සහ සන්නිවේදන සබඳතාද ඇණහිට තිබේ.

මේ අතර හානිවූ ගොඩනැගිලි තුළ සිටි පුද්ගලයන් දෙසීයක් පමණ මුදා ගැනීමට හැකිවූ බව සහන සේවකයන් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *