එජාපයේ ජනපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා-බන්දුල

ඉදිරි ජනාධිපතිවරනය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ගැන පක්ෂය තුළ. සප්ත මහා අර්බුධයක් හට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අමෙරිකාව සමඟ එළඹෙනගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මෙම ගිවිසුම අමෙරිකානු හමුදාවලට වීසා නොමැතිව ඇතුළුවීමට හා පිටවීමට හැකි බවයි.

එමෙන්ම අමෙරිකානු හමුදාවලට යුද ඇඳුම් සහිතව ලංකාව තුළ ඕනෑම ස්ථායකට යෑමට හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මෙම ගිවිසුම මඟින් අමෙරිකාවට අවශ්‍ය යුද උපකරණ ආනයනය සහ අපනයනය කළ හැකි අතර එම උපකරණ කිසි දෙයක් රේගුවේදී පරීක්ෂා කිරීමට නොහැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

තවද මෙම ගිවිසුම හේතුවෙන් ඇමෙරිකන් භටයෙකුගෙන් රට තුළදී යම් අපරාධයක් වුවහොත් ශ්‍රී ලංකාවේ නඩු අහන්න නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *