කාශ්මීරයේ බස් රථ අනතුරින් පුද්ගලයින් 31 ක් ජීවිතක්ෂයට

කාශ්මීරයේ ඉන්දියානු පාලනය යටතේ පවතින ප්‍රදේශයකදී බස් රථයක් අනතුරට ලක්වී පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

කාශ්මීරයේ කිෂ්ට්වාර් ප්‍රදේශයේ හිමාලයා කඳුකර මාර්ගයකදී බස් රථයක් මීටර් 150ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරට ලක්ව තිබේ.

මාර්ගයේ තිබූ වංගුවක් පසුකර යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

සහන සේවකයින් එම ස්ථානයට ළඟාවන විටත් බොහෝ දෙනෙකුට අනතුරින් දිවි අහිමි වී තිබුණි.

අනතුරින් තුවාල ලැබූ 7 දෙනෙකු රෝහලගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *