වෛද්‍යවරිය සහය දුන් ගණිකා නිවස වටලයි

ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට සහය වූ වෛද්‍යවරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ආයුර්වේද වෛද්‍යවරියක් වන අතර ගණිකා නිවාසය කළමණාකරනය කළ තවත් සැකකාරියක් සහ ගණිකා නිවාසය පවත්වාගෙන යෑමට සහාය වීම සම්බන්ධයෙන් තවත් සැකකාරියන් 09 දෙනෙකුද පොලිසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාරියන් වයස අවුරුදු 26,20,23,27,25,49,21 යන වයස් වල පසුවන්නියන්.

පිරිස පානදුර, වාද්දුව, මහනුවර, රුවන්වැල්ල, දෙමෝදර, දෙල්තොට, හැටන්, කොට්ටාව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

ගල්කිස්ස විජේවර්ධන මාවත ප්‍රදේශයේ සම්භහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (26) සවස 3.30ට පමණ වැටලීම සිදු කර තිබුණා. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි.

මේ අතර ඊයේ දිනයේදීම ගල්කිස්ස කවුකුරුදු වත්ත ගාලුපාර ප්‍රදේශයේදී තවත් ගණිකා නිවාසයක් වැටලූ අතර එයද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ස්ථානයක්. එහිදී ද සැකකාරියන් 03 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා.

ගල්කිස්ස ගාලු පාර ප්‍රදේශයේ තවත් ස්ථානයක පිහිටි තවත් ගණිකා නිවාසයක් ඊයේ දිනයේදී පොලිසිය විසින් වටලා තිබුණා. එහිදී ද සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් වයස අවුරුදු 17,22,26,38,42 සහ 43 යන වයස්වල පසුවන්නන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *