බස් රථයක් ප්‍රපාතයට යයි-20ක් රෝහලේ

යටියන්තොට, සීපෝත් පාර, වී ඔය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

යටියන්තොට පොලිසිය පැවසුවේ අද(27) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

පැලැන්පිටිය සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් අනතුර සිදුව තිබේ.

බස්රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති අතර තුවාල ලැබූ 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

යටියන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *