කාකතිව් කැලයක STF මෙහෙයුමක්

විශේෂ කාර්ය බලකාය විසින් යාපනයේ සිදු කල වැටලීමකින් පසුව පැරණි අත්බෝම්බයක් හා මෝටාර් උණ්ඩයක් හමුවී තිබේ.

විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් ඊයේ(26) දිනයේ දී යාපනය පොලිස් වසමේ අරාලි පාර, කාකතිව් කැලෑබද ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී 11.15ට පමණ කැලෑවේ පඳුරක් අසල තිබී SFG 87 වර්ගයේ පැරණි අත්බෝම්බයක් හා මිමී 81 වු දිරාපත් වු මෝටාර් උණ්ඩයක් සොයා ගෙන එය විනාශ කිරීම සඳහා උසාවි නියෝග ලබා ගැනීම සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *