ගෝඨාභයට එරෙහිව අමෙරිකාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයකට පැමිණිලි 10ක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (26) දිනයේදී අදාල පෙත්සම් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාල පැමිණිලි 10 ඉදිරිපත් කළ පුද්ගලයින් අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බවත් එම වාර්තාවල සදහන්.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් නීති සමාගමක් සමග එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

2005 – 2015 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙකු බැවින් අදාල පැමිණිලි අමෙරිකානු අධිකරණයක් හමුවේ ගොණුකර ඇති බව සදහන්.

පසුගිය අප්‍රේල් මාසයේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුද්ගලයින් තිදෙනෙකු විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ පැමිණිලි ගොණු කර තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *