රාජිතගේ දූෂණ හා අක්‍රමිකතා ගැන දිගටම මහජනතාව දැනුවත් කරනවා

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ බව පැවසෙන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම. මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විපක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ(27) පැවති සාකච්ඡාවකින් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේබව සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ විජේරාමේ පිහිටි නිල නිවසේදි සිදුවුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *