මන්නාරම වෙරළ තීරයේ පාළු වාඩියක සඟවා තිබු ඉන්දියාවේ සිට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්රෑම් 140ක් අත්අඩංගුවට ගත් බව මන්නාරම සුරාබදු කාර්යාලය පවසයි.
ඊයේ(26) මෙම බීඩි කොළ තොගය සොයා ගත් බව වාර්තා වෙයි.
සුරාබදු කාර්යාල නිලධාරීන් පැවසූවේ නීති විරෝධි අයුරින් ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදා හැරීම වෙනුවෙන් සුදානම් කොට තිබු බීඩි කොළ තොගයක් එලෙස සොයාගත් බවයි.
ලද තොරතුරක් මත අදාළ බීඩි කොළ තොගය සොයාගත් අතර, පසුගිය සමයේ මන්නාරම වෙරළ සීමාවෙන් බලපත් නොමැතිව බීඩිකොළ කිලෝග්රැම් 3000 කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද සුරාබදු නිලධාරීන් පැවසූහ.
අත්අඩංගුවට ගත් බීඩිකොළ තොගය මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සුරාබදු කාර්යාල නිලධාරීන් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම සුරාබදු කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
