ප්‍රතිපත්තිගරුක අපේක්ෂකයෙකු ජනපති සටනට ඉදිරිපත් කරන බව මහින්ද කියයි

ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි රටට හිතැති ප්‍රතිපත්තිගරුක අයෙක් තෝරාගැනීම සඳහා කිසිවිටකත් පසුබට. නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිදහස් කලා සන්ධානයේ තුන්වන ජාතික මහා සමුළුව ඊයේ (26) අමතමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

නිදහස් කලා සන්ධානයේ තුන්වන ජාතික මහා සමුළුව පානදුර නල්ලූරුව ප්‍රදේශයේ උත්සව ශාලාවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත් විය.

එහිද විපක්ෂ නායකවරයා පැවසුවේ පසුගිය පාස්කු ප්‍රහාරය සිදු වුයේ රජයේ වරදින් බවයි.

එමෙන්ම එලබෙන මැතිවරණයෙන් පසු තම පාර්ශවයේ ආණ්ඩුවක් බිහි වු පසු සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම නව ප්‍රථිපත්ති මාලාවක් සකසන බවත් ඒ අනුව ඉදිරියේදි කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදි පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද අදහස් දැක්වීය.

ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඇති වන එළබෙන ආණ්ඩු සමයේ දී කලා කරුවන්ට ලබා දී තිබු බදු සහන නැවතත් ලබා දීමට කටයුතු කරන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *