විනාශයේ ආරම්භක ලකුණ අගමැති-ඩලස්

රටේ වත්මන් අර්බුදවලට ප්‍රධානම හේතුව 2015 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තු ආසන. 47ක් පමණක් තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අග්‍රාමාත්‍යධුරය ලබා දීම බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළ කළ අදහස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රිවරයා කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී.

එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශය පිළිකුලෙන් බැහැර කරන බවයි.

ඔහු පැවසුවේ ගෝඨාභ මහතාගේ පරම සතුරාවත් එවැනි ප්‍රකාශයක් සිදු නොකරණු ඇති බවයි.

එවැනි ප්‍රකාශ දේශපාලන සතුරන්ට ප්‍රබල තුරුම්පු සැපයුමක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *