මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එවන් දැනුම්දීමක් සිදු කළ ඕනෑම අවස්ථාවක එය ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සදහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය හිමිවී සිටින සිව් දෙනෙකු සදහා මරණ දඩුවම ලබාදීමට තමන් අත්සන් කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය.
ඉදිරි සති දෙක තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.
කෙසේ වෙතත් අදාල තීරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව අද දෙරණ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කළේය.
කෙසේ වෙතත් ඒ සදහා මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මූලික කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර ඕනෑම අවස්ථාවක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පවසයි.
