කෝටි ගාණක විදෙස් මුදල් ඩුබායි අරන් යද්දි මාට්ටු

විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම මුදලේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් නව ලක්ෂ දහසය දහස් අටසිය දොලහක් (1,49,16,812) ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.

අදාළ සැකකරු 28 හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි.

ඔහු ඊයේ (26) සවස 6.00 ට පමණ ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් මෙම විදේශ මුදල් තොගය අනාවරණය කරගෙන , රේගු නිලධාරීන් වෙත භාර දී තිබුණි.

මෙම ගුවන් මගියා ඇද සිටි ජැකට්ටුවේ සහ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඇමෙරිකානු ඩොලර් 40,000 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 1,60,000 ක මුදලක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *