හැට හැවිරිදි කතකට ලිංගික අතවර කරලා සැකකරු පැනලා ගිහින්

කන්තලේ-අසුහත ප්‍රදේශයේ පත්තින දේවල අසල ඇති නිවස සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කන්තලේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ සැකකරු විසින් ඊයේ(18) රාත්‍රීයේදී මෙම අපරාදය සිදු කර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ලිංගික අතවරයට ලක්ව ඇත්තේ කන්තලේ-අසුහත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

එම කාන්තාව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වේ.
අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන්ය.

සිද්ධිව සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ නක්තලේ පොලීසිය විසින් සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *