රට හරි පැත්තට ගියේ නෑ-රටට දැනෙන වැඩක් වුණෙත් නෑ-ෆොන්සේකා කලකිරීමෙන්

පසුගිය වසර පහක කාලය තුළ රට නිවැරදි මාර්ගයේ ගමන් නොකළ බව එක්සත් ජාතික පක්ෂ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳවද මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමු නොවූ බවයි.

01-ප්‍රශ්නය – මන්ත්‍රීතුමා තව කොපමණ කාලයක් තියෙනවාද තේරිම් කාරක සභාව ?

මෙහිදී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, හරියට දිනයක් පැවසිය නොහැකි බවත්, මෙහි කටයුතු කාල රාමුවක් තුළ සිර කිරිමට නොහැකි බැවින් සම්පූර්ණ ක්‍රියාවලියක් ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

02-ප්‍රශ්නය -මන්ත්‍රීතුමා ජනාධිපතිවරණය ගැන කතා කරද්දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතාගේ නමත් දැන් එළියට ඇවිල්ලා තියෙනවා?

එක එක ජාතියේ චරිත මෙරට දේශපාලනය තුළ ඇති බවත් “මොන ජොන් බාස් ආවත්, මොන පෙරේරා ආවත්, මෙන් සිල්වා ආවත් රටට වැඩක් නැති මිනිහෙක් ඇවිත් වැඩක් නෑ“ යනුවෙන් පැවසු ෆොන්සේකා මහතා මේ වසර 5 තුළ දැනෙන වැඩක් වු බවට තමා රජයේ සිටියත් පිළිනොගන්නා බව ද පැවසීය.

03-ප්‍රශ්නය-ඔබතුමා කියන විදිහට එක්සත් ජාතික පක්ෂය තුළ රට කළ හැකි පුද්ගලයෙක් නැහැ ?

මේ යන විදියට මදි යනුවෙන් තමා පවසන බවත්, මෙය කිරීමට දර්ශනයක් ඇති, ශක්තිය ඇති, ධෛර්ය ඇති හා දැක්මක් ඇති මිනිස්සු රටේ දේශපාලනය බාර ගත යුතු බව ද එම පැනයට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා කියා සිටියේය.

04-ප්‍රශ්නය -ඔබතුමා විශාල කළකිරීමෙන් ඉන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ?

මේ රටේ දේශාපාලනය ගැන තමාගේ කලකිරීමක් ඇති බවත්, තමාගේ පක්ෂය ඇතුළු සියලු පක්ෂ එම දේශපාලනය තුළ සිටින බව ද පැවසු සරත් ෆොන්සේකා මහතා, මේ වන විටත් ත්‍රස්ත උවඳුර රට තුළ ඇති බවද කියා සිටියේය.

පසුගිය දා ආරක්ෂක ලේකම්වරයා ගෙන්වා තේරීම් කාරක සභාවේ ප්‍රශ්න කිරීමේදී වහාම ඇති වෙන්න තියෙන උවඳුර සියයට 99 ක් අවසන් බව පැවසු බවත් පසුගිය දින කීපයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවන් නොයෙක් ස්ථානවලදී අත්අඩංගුවට ගත් බව ද ෆොන්සේකා මහතා පැවසීය.

එවන් පසුබිමක ආරක්ෂාව සැපයීම ගැන අවබෝධයකින් යමක් නොකෙරෙන බව පෙනී යන බවත් කියා සිටි සරත් ෆොන්සේකා මහතා, රට තාමත් අන්ත්‍රදායක තත්ත්වයක ඇති බව පෙනී යන බව ද කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *