දිවයිනේ ප්රදේශ කිහිපයක සිදු වු රිය අනතුරු වලින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.
වැලිගම, කෝංපාවල වෑකඩ ප්රදේශයේ දී වෑන් රථයක් පුද්ගලයෙකු අනතුරට ලක් කර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා වැලිගම,වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
හෙට්ටිපොළ කුළියාපිටිය මාර්ගයේ තල්තුඩුව හංදිය ප්රදේශයේදී යතුරු පැදියක් වෑන් රථයක ගැටී සිදු වු අනතුරකින් පැදිකරු මියගොස් ඇත.
මේ අතර ගොකරැල්ල පන්නල මූකලන්යාය ප්රදේශයේ යතුරු පැදියක් පෙරළිගොස් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙන් 20 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
මාතලේ, දඹුල්ල මාර්ගයේ කවටයාමුණ බාල්දිකොකු වංගුව ප්රදේශයේදි වෑන් රථයක ගැටී යතුරු පැදියක් පැදවු 16 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.
මේ අතර හොරණ පාදුක්ක මාර්ගයේ රංගිරිය විහාරස්ථානය අසල දී යතුරු පැදියක් විදුලි කණුවක ගැටී 20 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා විය.
