මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව, කොමිෂන් සභාවක් බවට පත්කරන බව ප්‍රවාහන සහ. සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (18දා) දිනයේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්යභාරය පුළුල් කිරීම උදෙසා මෙම පියවරට එළැඹි බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

මාර්ග ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට පසුබට නොවන බවත්, බස් රථවලට අමතරව ඉදිරියේදී පාසල් සේවා, කාර්යාල සේවා වාහන සහ ත්‍රිරෝද රථ නියාමනය කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පවසයි.

හඳුනා නොගත් අනතුරු හෙවත් හප්පා පලාගිය රිය අනතුරුවලින් මියගිය හා ආබාධිත වූවන් සඳහා ලබාදෙන වන්දි මුදල ඉදිරියේදී වැඩි කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
වාහන රක්‍ෂණ සමාගම් සිය තෙවැනි පාර්ශ්වයේ රක්‍ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදානය කෙරෙන 01෴ක මුදල 02෴ දක්වා වැඩිකර ඇති බැවින් මෙම තීරණයට එළඹි බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මහමග අනතුරු අවම දේශයක් යටතේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පසුගියදා (14දා) පැවැති වැඩසටහනකදී හඳුනා නොගත් අනතුරුවලින් හෙවත් %හප්පා පලාගිය^ රිය අනතුරුවලින් මියගිය හා ආබාධිත වූ 27 දෙනෙකු සඳහා රුපියල් ලක්‍ෂ හතළිහක වන්දි මුදල් පරිත්‍යාග කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *