මොළයේ උණ ජීවිත 73ක් බිලි ගනියි

ජැපනීස් එන්සෙෆලයිටීස් හෙවත් මොළයේ උණ වසංගත තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවෙන් පුද්ගල මරණ 73ක් වාර්තා වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිටත් ඊට ගොදුරු වූ 130කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ජැපනීස් එන්සෙෆලයිටීස් හෙවත් මොළයේ උණ වසංගත තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ මුසාෆර් නගරයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බලධාරීන් බිය පල කරයි.

මොළයට ප්‍රදාහයක් සිදුවූ විට එය එන්සෙෆලයිටීස් රෝග තත්ත්වයක් ලෙස හඳුන්වයි.

එන්සෙෆලයිටීස් හටගන්නා වෛරස් රැසක් අතර ඉන්දියාවේ ප්‍රධාන හේතුවක් වන්නේ ජැපනීස් එන්සෙෆලයිටීස් වෛරසයයි (JE).

විශේෂනේම මෝසම් සමයේ ඉන්දියාවෙන් මෙම රෝගය පිළිබඳව බහුලව වාර්තා වෙයි.

ශ්‍රී ක්‍රිෂ්ණා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 58 දෙනෙකු සහ මුසාෆර් නගරයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු රෝගය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

මේ වනවිටත් ඊට ගොදුරු වූ 130කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

දිළිඳු සහ ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශ තුළ වාසය කරන පුද්ගලයින් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.

මෝසම් වැසි නිසා එක්රැස්වන ජලයේ මොලේ උණ රෝගය ඇති කළ හැකි කුඩා මදුරුවන් අභිජනනය වීම ඊට බලපාන එක් හේතුවකි.

ඊට අමතරව රෝගය ව්‍යාප්ත වන තවත් ආකාර පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *