පොදු අපේක්ෂකයා කියන නම කුජීත කරලා ඉවරයි – රෝහිත

නැවත කිසිදෙන පොදු අපේක්ෂකයෙකුට මේ රටේ ජනාධිපතිවරයා විය නොහැකි බව එක්සත් ජනතා. නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

“පොහොට්ටුවේ කියවෙන්නේ එක නමයි. ඒ ගෝඨාභය රාජපක්ෂ. ඒ නමම තමයි රට ඉල්ලන්නෙත්.

එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුත් කියනවා ගෝඨ ආවොත් අපි දෙනවා. අපේ නම් කියවෙන්නේ නෑ.

අපි අභියෝග කරනවා එහෙන් මෙහෙන් අහුලගන්න යන්නැතුව එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්න අපේ unp අපේක්ෂකයා කියලා පෙන්නන්න.

ආයේ පොදු අපේක්ෂකයෙකුට ලංකාවේ දේශපාලනයේ යළි ජනාධිපති වෙන්නනම් බෑ.

පොදු අපේක්ෂකයා කියන නම විනාශ කරලා නම කුජීත කරලා ඉවරයි.” යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *