රුසියානු ජනපතිට ලංකා සංචාරයකට ආරාධනා

නුදුරු දිනක දී ම ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති. ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ආරාධනා කර තිබේ.

රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට සම්බාධක පනවා තිබෙන අතර, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නායකයෝ සාකච්ඡා කර තිබේ.

ශ‍්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර විශේෂ හමුවක් පසුගිය (15දා) පවත්වා තිබේ. ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක්ව තිබේ.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ටජිකිස්ථාන සංචාරය නිමා කරමින් ඊයේ දිවයිනට පැමිණියේය. එම සංචාරය සඳහා පස්දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *