දහස් ගණන් වෙනිසියුලානුවන් පේරු රාජ්‍යට එයි

ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට සංක්‍රමණික නීති දැඩි කිරිමට පේරු රාජ්‍ය ගත් තීරණය හේතුවෙන් වෙනිසියුලානු ජාතිකයින් දහස් ගණනක් පේරු රාජයට පැමිණ ඇත.

පේරු රාජ්‍යට ඇතුල්වීම සඳහා මේ වන තෙක් ජාතික හැදුනුම්පත් තිබීම ප්‍රමාණවත් වුවද නව නීති අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු පේරු රාජ්‍යයට ඇතුලුවීම සඳහා වලංගු විදෙස් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය අවශ්‍ය වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නව නීති පැනවීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සංක්‍රමණිකයින් 6000ක පිරිසක් පේරු රාජ්‍යයට පැමිණ ඇති අතර එය දෛනික සාමාන්‍යයට වඩා තුන් ගුණයක වැඩිවිමක් බව සඳහන්ය.

2015 වසර වන විට වෙනිසියුලානු ජාතිකයින් මිලියන 4ක් පමණ පේරු රාජ්‍යයට සංක්‍රමණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *