ඕමාන් ගුවන්යානයක් හදිසියේ මත්තලට

මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඕමාන් ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවා තිබේ.

ඕමාන් ගුවන්සේවයට අයත් WY 371 දරන මගී ප්‍රවාහන ගුවන්යානය කටුනායක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස මත්තලට ගොඩබස්වා තිබේ.

අද(14) පෙරවරු 8.20 ට පැමිණ තිබෙන මෙම ගුවන්යානය කටුනායක කාලගුණ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු යළි පෙරවරු 9.50 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පියාසර කල බව මත්තල ගුවන්තොටුපොළේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *