ප්‍රජාතන්ත්‍රවාදී සැමරුමක්

නයිජීරියාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී දිනය පසුගිය (12) යෙදී තිබුණි.

ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් පැවැත්වුණේ අබුජා අගනුවරදීයි.

1993 වර්ෂයේදී නයිජීරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් මොෂූද් අබියෝලා ජයග්‍රහණය කළේ පැවති හමුදා පාලනය පරාජයට පත්කරමින්.

එහෙත් දින කිහිපයක් ඇතුළත රටේ පාලනය යළි අත්පත් කරගැනීමට හමුදා පාලකයන් කටයුතු කළේය.

එහෙත් අබියෝලා ජයග්‍රහණය කළ දිනය එරට වැසියන් සෑම වර්ෂයකම ප්‍රජාතාන්ත්‍රික දිනය ලෙසින් සමරනු ලබයි.

මෙවරද එම සැමරුම පැවැත්වුණේ ජනාධිපති මුහම්මදු බුහාරිගේ ප්‍රධානත්වයෙන් අබුජා අගනුවරදීයි.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු අමුත්තන් බොහෝ පිරිසක්ද එම අවස්ථාවට සහභාගිවී සිටියා.

සැමරුම් උත්සවයට හමුදා පෙළපාලියක් මෙන්ම සංස්කෘතිකාංග රැසක්ද එක්කර තිබුණා.

අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපති බුහාරි පැවසුවේ වර්ෂ 10ත් ඇතුළත නයිජීරියානුවන් මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදා ගන්නා බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *