පොසොන් එකට මිහින්තලේ යන අයට නොමිලේ දුම්රියේ යන්න අවස්ථාවක්

මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නොමිලේ දුම්රිය ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

හෙට සිට ලබන 18 වනදා දක්වා මෙය ක්‍රියාත්මක කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පොසොන් පොහොය නිමිත්තෙන් මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

ඒ අනුව මිහින්තලය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ට අනුරාධපුර සිට මිහින්තලය දක්වාත් මිහින්තලයේ සිට අනුරාධපුරය දක්වාත් මුදල් නොගෙවා දුම්රියේ ගමන් කළ හැකිය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *