සමෘද්ධි බැංකු සේවකයන් වර්ජනයක – දයාට එරෙහිව පාරට

සමෘද්ධි නිලධාරීන් විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය පවසයි.

සමෘද්ධි විෂයභාර අමාත්‍යවරයා වන දයාගමගේ විසින් එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 6 කට දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් සමෘද්ධි අරමුදල දැඩි අර්බුධයකට ලක්වී ඇති බව එම සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා පවසයි.

එසෙම අදාල සමෘද්ධි සහනාධාර ලබා දීම වෙනුවෙන් සමෘද්ධි බැංකු අරමුදල්වලින් විශාල උත්සව පැවැත්වීමට කටයුතු කිරීම, පෝස්ටර් හා ප්‍රචාරක වැඩසටහන් සිදු කිරීම, ඊට අදාල ටී ෂර්ට් මුද්‍රණය කිරීම මගින් සමෘද්ධි බැංකු මුදල් අවභාවිතා කරමින් සිටින බවත් ඊට එරෙහිව හෙට (14) දින පාර්ලිමේන්තු වටරවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකිරීමටද නියමිතව ඇති බව වැඩිදුරටත් ඒ මහතා පවසා සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *