ජනතාවට ආරක්ෂාව දෙන්න බැරි පාලකයින් පළමුව අත්අඩංගුවට ගත යුතුයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වමින් ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට උත්සාහ දරන බව. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරය සමඟ අගමැතිවරයා විසින් මෙම ප්‍රහාරය එල්ල කල අය අත්අඩංගුවට ගැනීමට අපට තිබෙන නීති ප්‍රමාණවත් නොවන බව සඳහන් කල බව ද කියා සිටි සිසිර ජයකොඩි මහතා, මේ හේතුවෙන් ප්‍රති ත්‍රස්ථ පනත ගෙන ආ යුතු බව ද අගමැති කියා සිටි බව සඳහන් කළේය.

ප්‍රහාරයත් සමඟ ආණ්ඩුවට අවශ්‍ය වුයේ අලුත් නීති සැකසීමට බව ද පැවසු ජයකොඩි මහතා, විදෙස් මාධ්‍යයෙන් පවා මෙරටට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබිය දීත් ඔවුන් එය නොසලකා හැරිය බවත් එයට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව බව ද ඔහු කියා සිටියේය.

එනිසා අත්අඩංගුවට ගත යුත්තේ මෙම පාලකයන් බව ද සඳහන් කළ ජයකොඩි මහතා, පළමු වගඋත්තරකරුවන් ඔවුන් බව ද පැවසීය.

ජනතාවට ආරක්ෂාව සැපයීමට නොහැකි බලධාරීන් අත්අඩංගුවට ගන්නවා විනා ආණ්ඩුව නීති ප්‍රමාණවත් නොවන බව පවසන බව ද ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *