සැකයක් නෑ අපේ කැසිනෝ ආකර්ශනීයයි-තරුණයින් ගෙන්වා ගන්න රාත්‍රී සමාජ ශාලා ඇති කල යුතුයි

ඉන්දීය තරුණ ප්‍රජාව වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීම සඳහා හෝටල්වල රාත්‍රී සමාජ ශාලා ඇති කළ යුතු බව. සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා පවසයි.

ඉන්දීය පැකේජය ඉතා වැදගත් බවත්, ඔවුන් දිගටම ලංකාවේ සංචාරය කරනවා නම් අපට වෙනත් අය මත යැපීමට අවශ්‍ය නොවෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඔවුන්ට ආකර්ශනයක් ඇති වෙන ලෙස අප වැඩ කළ යුතු බවත්, මෙය පළමු පැකේජය වන බැවින් ඉදිරියේ දී චීනය හා මැද පෙරදිග රටවල් කීපයක් දක්වා දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ(12) කොළඹ පැවති සංචාරක මණ්ඩලයේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

ලංකාවේ කැසිනෝ කිසිදු සැකයකින් තොරව ආකර්ශනීය වන බවත් පැවසු අමාත්‍යවරයා, ඉන්දීය බලධාරීන් කොළඹ හා වෙනත් ප්‍රදේශවල විනෝදාස්වාද ක්‍රියාකාරකම් නොමැති බවට චෝදනා කරන බවද පැවසීය.

මේ පිළිබඳ තමා හෝටල් සංගමයට පවසා ඇති බවත්, ඔවුන්ටත් රාත්‍රී සමාජ ශාලා ඇති කරන ලෙස පවසා ඇති බවත් කියා සිටි අමාත්‍යවරයා, ඔවුන් ඒ දේ නොකරන්නේ මන්දැයි තමා නොදන්නා බව ද කියා සිටියේය.

ඉන්දීය තරුණයින් ලංකාවට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මෙය එක් ක්‍රියා මාර්ගයක් බව ද අමාත්‍යරවයා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *