පොලිස්පති අස්කරන්න බැරි ජනාධිපතිධූරයක් තියෙන රටක් මේක-දිනේෂ්

19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් අදවන විට පාර්ලිමේන්තුවේ කටයුතු නිසිලෙස පත්වාගෙන යාමට. නොහැකි වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

19 වන ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ දී ප්‍රාතිහාරය මැවෙන බව පැවසු බව ද කියා සිටි ගුණවර්ධන මහතා, දැන් පාර්ලිමේන්තුවට පවා රැස්විය නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පැවසීය.

19 හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය තුළත් කලබල ඇතිව තිබෙන බව ද පැවසු ගුණවර්ධන මහතා, අද වන විට පොලිස්පතිවරයා අස්කර ගැනීමට පවා නොහැකි ජනාධිපතිධූරයක් ඇති රටක් බවට පත්ව ඇතැයි ද කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී පොලිස්පතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව මුළු පාර්ලිමේන්තුවම කරුණු කියු නමුත්, අදත් පොලිස්පතිවරයා නිවාඩු පමණක් ගොස් නිල වාහන භුක්ති විදිමින් සිටින බව ද දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙවැනි තත්ත්වයකට ආවේ 19 වන ව්‍යවස්ථාව නිසා බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *