ගෙදර අම්මා තාත්තා වගේ රණ්ඩු කළොත් බරපතළ ප්‍රශ්නයක්-විජයපාල

රට ගැන සිතා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සමඟිව කටයුතු කළ යුතුබව. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල අක්මීමණ ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බව ද පැවසු විජයපාල මහතා, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව ද පැවසීය.

නමුත් මෙම කාරණාවේ දී දෙපාර්ශවයම ඉතා සුහදව කටයුතු කළ යුතු වන බව ද පැවසු මන්ත්‍රීවරයා, ජනාධිපතිගෙන් තොර කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවක් නොමැති බවත්, කියා සිටියේය.

යම් ආකාරයකින් කැබිනට් මණ්ඩල රැස්වීම නීත්‍යානූකුල නොවන ආකාරයෙන් සිදුවුවහොත් සැලසුම් කර ඇති කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි කර ගත යුතු වැඩ තිබෙන අතර, මෙම තත්ත්වය බරපතළ විය හැකි බව ද විජයපාල මහතා පැවසීය.

එනිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජනපති සමඟ ගනුදෙනුව බේරා ගැනීමට කටයුතු සුදානම් කර ඇති බව ද විජයපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *