රසායන ද්‍රව්‍ය මිශ්‍ර වු තේ කොළ කිලෝ 178ක් STF බාරයට

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවට සැක කෙරෙන සකස් කරන ලද තේ කොළ කිලෝ 178යි ග්රෑම් 400ක ප්‍රමාණයක් පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත.

බුලත්සිංහල ඉහළ වෙල්ගම පිහිටි කර්මාන්තශාලාවකින් මෙම තේ කොළ තොගය සිය බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

අදාළ තේ කොළ සාම්පල තේ මණ්ඩලයේ බදුරලිය ශාඛාව වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *