වතු පාසල් සඳහා ගුරුවරුන් 92 බඳවා ගැනේ

ඉදිරි සතිය තුළ දකුණු පළාතේ වතු පාසල් 15ක් සඳහා ගුරුවරුන් 92 දෙනෙකු බඳවා ගැනිමට කටයුතු කරන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.

දකුණු පළාත් සභාව මගින් මෙම ගුරුවරුන් බඳවා ගැනිමට කටයුතු කරන බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා එසේ බඳවාගන්නා ගුරුවරුන්ට ජුනි මස 17වැනි දින සිට ඉගැන්විමේ කටයුතු ආරම්භ කිරිමට හැකි බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

දැනට වසර දෙකක පමණ කාලයක සිට හුලංදාව දෙමළ විදුහලේ ප්‍රාථමික පන්තියට එකම ගුරුවරයකු නොමැති බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා එම දරුවන්ට ඉගැන්විමේ කටයුතු සිදුකරනු ලබන්නේ ස්වෙච්ඡා ගුරුවරියන් තිදෙනෙකු බවද පැවසිය.

මේ පිළිබද අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය,

හුලංදාව දෙමළ විදුහලේ 2017 වසරේ සිට බාලංශ පන්තියට එකම ගුරුවරයෙකු හෝ නෑ. දරුවෝ පාසල් එනවා. ඔවුන්ට ස්වෙච්ඡා ගුරුවරියන් තිදෙනෙකු උගන්වනවා. මේ ගගෙන් එහා පැත්තේ සිංහල පාසලේ ගුරු අතිරික්තයක් තිබෙනවා. ගගෙන් එහා – මෙහා දෙපැත්තේ ගුරු තුලනය කර ගන්නට බැරි නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වෙලා තියෙනවා. මේ වගේ සමාජ අසාධාරණයන් සිදු කරන සමාජයකින් ත්‍රස්තවාදීන්, අපරාධකරුවන් මිස මානව හිතවාදීන් බිහි කරන්න බැහැ..

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ වැඩසටහන ආරම්භ කරමින් පැවසුවේ දරිද්‍රතාවයෙන් මිදීමේ මාර්ගය අධ්‍යාපනය කියලයි. එක්සත් ජාතීන්ගේ සහස්‍ර ඉලක්කවලට එම අදහස ඇතුළු වුණේ එයට දශකයකටත් පසුවයි. නමුත් අද, ලංකාවේ දෙවනි හොඳම අධ්‍යාපන තත්ත්වය තියෙනවා කියන දිස්ත්‍රික්කයේ එකම ගුරුවරයෙකු හෝ නොමැති බාලාංශ පන්ති තිබෙනවා. යැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *