එජාපයට අවශ්‍ය තේරීම් කාරක සභාව හරහා ප්‍රහාරයේ වගකීම ජනපතිට පවරන්න

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල. විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේත්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ බුද්ධි අංශ නිළධාරින් කාරක සභාවට කැඳවා ප්‍රශ්න කිරිම මඟින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමවේද ලෝකයට අනාවරණය වන බවයි.

“පාර්ලිමේන්තුවට හැකියාව තියෙනවා ඕනෑම අංශයක් කෙරෙහි තේරීම් කාරක සභාවක් පත් කරලා එහි කටයුතු පවත්වාගෙන යාමට.

ජාතික ආරක්ෂාව හා බැඳුණු ඉතාම සංවේදී කාරණයක් සම්බන්ධවයි මේ තේරීම් කාරක සභාව පත්කරලා තියෙන්නේ.

මෙතනට එන බුද්ධි අංශ නිලධාරීන්ගේ වගකීම පිළිබඳව අද විශාල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ කටුයුතු කරන ආකාරයේ ක්‍රමවේදය සම්බන්ධව සමාජගත වීම හරහා අප රට තුළ පමණක් නොව ජාත්‍යන්තරයට පවා යාම තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල තර්ජනයක් ඇති වී තියෙනවා.

එය ඉතාම භයානක තත්ත්වයක්.

මේක දේශපාලනික හෝ පුද්ගලවාදී ප්‍රශ්නයක් බවට පත් කරගත යුතු නෑ.

එජාපයට වුවමනා වී ඇත්තේ ප්‍රහාරයේ වගකීම සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමාට පවරන්න.

ඒ සඳහා අවශ්‍ය ප්‍රශ්න කිරීම් පමණයි.” ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *