පාලනයෙන් ගිලිහුණු යතුරුපැදිය ජීවිතයක් අහිමි කරයි

අරලගංවිල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුපැදිකරු පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *