වේයන්ගොඩ ළිඳක කාන්තා මළ සිරුරක්

වේයන්ගොඩ පොලිස් වසමේ කුරුන්දවත්ත, හංචපොළ ප්‍රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක් ඇති බවට වේයන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන අරඹා තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 69 ක් වු හංචපොළ ප්‍රදේශයේම පදිංචි මන්ද්‍රි යස්මින් ගුණවර්ධන නැමති කාන්තාවක් බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය සිදුවීම වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර, මෙම මියගිය කාන්තාව සිය නිවසේ තනිව ජීවිත්ව ඇත.

වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *