කළු පාලම අසළින් ඇල්ලූ හෙරොයින්

ජා ඇල කළු පාලම අසලදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 550ක් සොයාගෙන ඇත.

සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *