නිව්යෝර්ක්වල මහල් ගොඩනැගිල්ලක් උඩට වැටුණු හෙලිකොප්ටරය

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක් මතට හෙලිකොප්ටර් යානයක් කඩාවැටී තිබේ.

ඉන් එක් අයෙකු මියගොස් ඇති බව එරට වාර්තාවල සඳහන්.

නිව්යෝක් හි මැන්හැට්න් ප්‍රදේශයේ පිහිටා ඇති ගොඩනැගිල්ල මතට කඩා වැටුණු යානය ගිනිගැනීමට ලක්ව තිබේ.

හදිසි ගොඩබෑමක් සිදුකිරීමට උත්සහ දැරීමේදී අදාළ හෙලිකොප්ටරය මෙලෙස කඩාවැටෙන්නට ඇති බවට බලධාරීන් සැක පල කරන්නේය.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ වැසි සහ මීදුම සහිත කාලගුණයක් පැවති බවද විදෙස් වාර්තාවල සඳහන්.

හෙලිකොප්ටරය කඩාවැටීමත් සමඟ අදාළ ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරීමටද පියවර ගෙන තිබූ අතර අනතුරින් ඔවුන් කිසිවකුටත් හානි සිදුව තිබුණේ නැත.

සිදුවීමෙන් මියගොස් තිබෙන්නේ යානයේ නියමුවා වන අතර ඔහු ටිම් මැක්කෝමැක් නමැත්තෙකු ලෙසටත් හඳුනාගෙන තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *