මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට එරෙහිව දෙවන විශේෂ මහාධිකරණයේ නඩු පැවරීමට අවසර

මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවයාට සහ ලක් සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව. දෙවන විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණුකර නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අවසර ලබාදී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි 04ක මුදලක් වැය කර පාසල් උපකරණ බෙදාදිමට කටයුතු කිරිම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ අදාල නඩුව ගොණුකර ඇති බව වාර්තාවේ.

එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පැවරිමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව සිදු කළ ඉල්ලීමක් සලකා බැලු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව ඉදිරි දිනකදී දෙවන විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරිමට නියමිත බව වාර්තා වන්නේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *