G20 සමුළුවට ජපානයේ ෆුකුඕකා නගරයේදී

ජපානයේ දකුණුදිග ෆුකුඕකා නගරයේදී එළඹෙන 28 සහ 29 යන දෙදින තුළ G20 සමුළුව පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව එම රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හමුවක් පවත්වා ඇත.

ගෝලීය ආර්ථික අභියෝග සහ ගැටළු හඳුනාගෙන සාකච්ඡා පවත්වා ඒවා විසඳා ගැනීමේ අරමුණින්, ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව මෙවර පැවැත්වෙන්නේ ජපානයේයි.

ඊට සමගාමීව එම රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වුණි.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙකක් ලෙස සැළකෙන අමෙරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුදය උත්සන්න වී අතරවාරයේ ගෝලීය ආර්ථිකය පිළිබඳව මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණි.

මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍ය තරෝ අසෝ (Taro Aso) ප්‍රකාශ කළේ අමෙරිකාව හා චීනය අතර උද්ගතව ඇති වෙළඳ යුද්ධය ගෝලීය ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන බවයි.

ජපානයේ දකුණුදිග ෆුකුඕකා (Fukuoka) නගරයේදී එළඹෙන 28 සහ 29 යන දෙදින තුළ G20 සමුළුව පැවැත්වීමට නියමිතයි.

ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ස්පාඤ්ඥය සහ යුරෝපා සංගමේ එකමුතුවෙන් ජී 20 නිර්මාණය වී ඇත.

ඊට අමතරව ආරාධිත රටවල් ලෙස රටවල් රැසක රාජ්‍ය නායකයෝ ද සමුළුවට එක්වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *