ණුවන් ප්‍රදීප් ආබාධයකට – ‌රෝහල් ගත කරයි

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබේ. ඒ අද පැවැති පුහුණු සැසියේදී ඔහුගේ දකුණු අතේ පන්දුවක් වැදීම හේතුවෙනි.

මේ හේතුවෙන් ප්‍රදීප්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. පුහුණු සැසියේදි පන්දු යවමින් සිටින විට ඔහු මෙම ආබාධයට ලක්ව තිබේ.

ඒ අවස්ථාවේදී පිතිකරණයේ යේදි ඇත්තේ කුසල් පෙරේරා වන අතර ඔහු එල්ල කළ පහරකට පන්දුව ණුවන්ගේ මුහුණ දෙසට පැමිණ තිබේ. එහිදී එයින් ආරක්ෂාවීම සඳහා ප්‍රදීප් සිය දකුණු අත යොදා ඇති අතර එහිදි පන්දුව වැදීමෙන් ඔහු ආබාධයකට ලක්ව ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *