ඉවන්කා ට්‍රම්ප් නෙදර්ලන්තයේ සංචාරයක

අමෙරිකානු ජනපති දියණිය ඉවන්කා ට්‍රම්ප් නෙදර්ලන්තයේ සංචාරයක නිරතව සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නවෝත්පාදන සම්මාන උළෙලකට සහභාගී වීමට ඇය එහි ගොස් තිබූ බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන ඉවන්කා ට්‍රම්ප් නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවති ව්‍යාපාර නවෝත්පාදන සම්මාන උළෙලකට සහභාගී වී ඇත.

බලශක්තිය, ජලය, සම්බන්ධතා සහ සෞඛ්‍ය වැනි සංවර්ධන ගැටළුඅවලට විසඳුම් ලබාදෙන ව්‍යවසායකයින්ට ගෞරව දැක්වීමට මෙය සංවිධානය කර තිබුණි.

ගෝලීය කාන්තාවන් සවිබල ගැන්වීමේ ධවල මන්දිරය ආරම්භ කර ඇති ව්‍යාපෘතියට ඉවන්කා ට්‍රම්ප් පුළුල් දායකත්වයක් ලබා දෙයි.

කාන්තාවන් ආර්ථික වශයෙන් බලගැන්වීම අරමුණු කරගෙන එය ක්‍රියාත්මක බව විදෙස් වාර්තාවල සඳහන්ය.

මෙහිදී ඇය ලෝකයේ ප්‍රමුඛතම ක්‍රෙඩිට් කාඩ් සමාගම වන මාස්ටර්කාඩ් ආයතනයේ විධායක නිලධාරී අජේ බංගා සමඟ සාකච්ඡාවකට එක්වුණි.

වසර 2025 වන විට ගෝලීය කාන්තාවන් මිලියන 50කට ළඟා වීම අදාළ ව්‍යාපෘතියේ අරමුණ බව ඇය සඳහන් කළාය.

මෙම ව්‍යාපෘතියේ ආරම්භ වුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලික සංකල්පයකට අනුව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එය ප්‍රවර්ධනය කිරීමෙහිලා ඔහුගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් දක්වන දායකත්වය ප්‍රශංසනීය බව විචාරකයින් පෙන්වා දෙයි.

මේ අතර විද්‍යාව හා තාක්ෂණය තුළින් ගෝලීය නවෝත්පාදනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙවර සම්මාන උළෙලේ විශිෂ්ටතා සම්මානය හිමිකර ගත්තේ ක්‍රිස්ටිනා යෝක්ය.

මේ සම්මාන උළෙලට ඇමසන් මයික්‍රොසොෆ්ට් ගූගල් වැනි ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් අනුග්‍රහය දක්වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *