බ්‍රිතාන්‍යට ගිය ට්‍රම්ප්ට වෙච්ච දේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය නිල සංචාරය මේදිනවල ලොවපුරා කාගේත් අවධානයට ලක්ව තිබේ.

ඒ වෙනුවෙන් සංවිධානය වූ රාජකීය සාදයක් පසුගියදා පැවැති අතර එය ඉතාමත් විචිත්‍රවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය වෙත පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජතාන්ත්‍රිකයන් පිරිසක් බකින්හැම් මාලිගයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් විය.

දෙවැනි එලිසබත් මහා රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට අමෙරිකානු ජනාධිපති පවුලේ සාමාජිකයන් සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් සහභාගිව සිටියේය.

සාම්ප්‍රදායික ඉංග්‍රීසි සම්පූර්ණ ඇදුමින් සැරසුණු ජනාධිපති ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මෙන්ම ජනපති දියණී ඉවන්කා ට්‍රම්ප් ද පැමිණ සිටි කාගේත් අවධානය දිනාගත්තේය.

ඔවුන් සඳහා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය ගරුකරමින් පිළිගැනීමේ රාජකීය උත්සවයක් සංවිධානය වී තිබුණේය.

සවුදිය පිරීමට මොහොතකට පෙර සභාව අමතමින් සුවිශේෂී කතාවක් පැවැත්වීමට මහ රැජිණ එහිදී කටයුතු කළේය.

ජනාධිපතිවරයාගේ සංචාරයෙන් අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර දිගුකලක් පුරා පවතින සමීප සබදතාව යළිත් ශක්තිමත් වන බවත්, ඒ වෙනුවෙන් සවුදිය පුරන ලෙසත් මෙහිදී අදහස් දක්වමින් මහ රැජිණ පැවසුවේය.

මේ අතර ජනාධිපති ට්‍රම්ප්ද සිය අදහස් දක්වමින් පෙන්වාදුන්නේ දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පවතින රාජතාන්ත්‍රික සබදතා සදාකාලිකවම පවතිනු ඇති බවයි.

බ්‍රිතාන්‍ය මහ රැජිණ අති විශිෂ්ට කාන්තාවක් බවත් ජනාධිතිවරයා මෙහිදී වැඩිදුටරත් පැවසුවේය.

ලබන සිකුරාදා නිල වශයෙන් ධුරයෙන් ඉවත්ව යාමට නියමිත බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

කෙසේ නමුත් විපක්ෂ නායක ජෙරමි කෝබින් මෙම රාජකීය උත්සවය වර්ජනය කිරීමට තීරණය කිරීම විශේෂයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දැවැන්ත විරෝධතා ව්‍යාපාර කිහිපයක්ද සංවිධානය වී ඇති අතර ඒවා ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *