අපි ඔක්කොම ගස් – රසල්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ “හරි අපි ඔක්කොම ගස්” යනුවෙනි.

තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 182ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා සමත්වුවත් සෙසු පිතිකරුවන් එම ආරම්භය ඉදිරියට රැගෙන යාමට අසමත්විය.

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලකුණු 92දී, දෙවැනි කඩුල්ල ලකුණු 144දීත් බිඳ වැටුණි. ඉන් අනතුරුව තවත් ලකුණු 36ක් තුළ කඩුලු 6ක් බිඳ වැටුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *