ඇල්බේනියානු රජයට එරෙහි විරෝධතාව තවදුරටත්

ඇල්බේනියානු රජයට එරෙහි විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම විරෝධතාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සමාජවාදී අග්‍රාමාත්‍ය එඩි රාමාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ටිරානා අගනුවරදී මේ වන විට දැවැන්ත විරෝධතාවක් පැවැත් වේ.

පවතින රජය දූෂිත එකක් බවටත් විරෝධතාකරුවන් එහිදී චෝදනා එල්ල කළේය.

මෙහිදී විරෝධතාකරුවන් ආරක්ෂක අංශ දෙසට ගල්මුල්, දුම් බෝම්බ සහ රතිඤ්ඤා ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර හටගත් ගැටුමකින් පොලිස් නිලධාරීන් දස දෙනෙක් සහ සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලැබුවේය.

මේ අතර ඇල්බේනියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සහ නේටෝ සංවිධානය, විරෝධතා අතර සිදුවන ප්‍රචණ්ඩක්‍රියා හෙළාදැක තිබේ.

ඒ වෙනුවට ඵලදායි ලෙස සාකච්ඡා මගින් විසඳුමකට එන ලෙස ඔවුන් විරෝධතාව සංවිධාන කළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *